පුවත්

අනඳ වෛශාක්‍ය මංගල්‍යය 2025

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වූ වෙසක් මස, උතුම් සම්බුද්ධ ත්‍රෛමංගල්‍යය "අනඳ වෛශාක්‍ය මංගල්‍යය 2025" මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

පෙරහැර , භක්ති ගීත, තොරණ, දන් සැල් සංවිධානය කර තිබිණි. ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ දායකත්වයෙන් මෙහිදී ආනන්ද විහාර මන්දිරය ආලෝකවත් කිරීම , වෙසක් පොහොය දින ගිලන්පස බුද්ධ පූජාව, සත්මහල ආලෝකවත් කිරීම ආදි කටයුතු සිදුකෙරිණි.

ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ ප්‍රථම දේශනය

ගුණ - නැණ පිරුණු පරපුරක් තනමු තේමාව යටතේ ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ ප්‍රථම දේශනය අද ( මැයි 08) කිරුලපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථ දහම් පාසල් ශාලාවේදී පවත්වන ලදි.

අපේ ආකල්ප සාරධර්ම සහ දරු පරපුරේ අනාගතය යන මාතෘකාව පැහැදිලි කරමින් අද දින මෙම දේශනය පවත්වනු ලැබුවේ කීර්තිමත් ආදි ආනන්දීය , කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ හැරිස් පතිරගේ මහතා විසිනි.

මෙම අවස්ථාවට කිරුලපන ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් , දෙමව්පියන් , ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ විධායක සභිකයින් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

34 වැනි සංවත්සර මහා සභා රැස්වීම

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ 34 වැනි සංවත්සර මහා සභා රැස්වීම අප්‍රේල් 06 වැනි දින ආනන්ද විද්‍යාලයීය සියවස ශාලාවේදී පවත්වන ලදි.

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ගරු ප්‍රධාන අනුශාසක , ගල්කිස්ස බෞද්ධා‍යතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක , මහෝපාධ්‍යාය, ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම උත්සව සභාවේ මූලාසනය හෙබවූහ.